
කෝපායි පොලීසිය තාවකාලිකව ඉවත් කරයි
යාපනය අධිකරණයේ නියෝගයක් මත අද සිට (15) වහාම ක්‍රියාත්මක වන පරිදි කෝපායි පොලීසිය තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණයට එළඹ ඇත්තේ එම පොලිස් ස්ථානය සිවිල් වැසියන් 8 දෙනෙකුට අයත් නිවාස 8 ක පවත්වාගෙන ගොස් ඇති අතර එම නිවාසවලින් 7ක් නැවත එම පුද්ගලයන්ට ලබාදෙන ලෙස අධිකරණය නියෝග කිරීමත් සමගයි.
යාපනය අධිකරණයේ පිස්කල්වරයා විසින් එම නිවාස හිමිකරුවන්ට අධිකරණයේ නියෝගය ලබාදි ඇති බව පොලීසිය පැවසුවා.
ඒ අනුව පොලීසිය කෝපායි බල ප්‍රදේශයට අයත් පැමිණිලි තාවකාලිකව යාපනය බාර ගන්නා බව සදහන්.
මේ වනවිට ආරක්ෂක හේතුන් මත කෝපායි පොලිසියේ අවි ගබඩාවද යාපනය පොලීසියට රැගෙන ගොස් තිබෙනවා.
තව මාස දෙකකින් පමණ කෝපායි පොලීසිය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.