කෝලි සහ ශර්මා ජාත්‍යන්තර 20යි 20 පිටියට සමු දෙයි

කෝලි සහ ශර්මා ජාත්‍යන්තර 20යි 20 පිටියට සමු දෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන විරාට් කෝලි ජාත්‍යන්තර 20 යි 20 පිටියට සමු දෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

මීට අමතරව රෝහිත් ශර්මා ද ජාත්‍යන්තර 20 යි 20 පිටියට සමු දෙන බවයි නිවේදනය කර ඇත්තේ.

ඒ, 20යි 20 ලෝක කුසලාන අවසන් තරගය ඉන්දියාව ජය ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඒ අනුව ඔවුන් ප්‍රකාශ කළේ මෙම තරගය සිය අවසන් 20 යි 20 ජාත්‍යන්තර තරගය බවයි.

ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට වැඩි දායකත්වයක් ලබා දෙමින් අවසන් තරගයේදී අගනා පිති හරඹයක යෙදෙමින් විරාට් කෝලි අර්ධ ශතකයක් ලබා ගත්තා

Share This