ගංවතුරට ලක් වූ ප්‍රදේශවල ජනතාව ගලවාගන්නන්ටත් රුසියානුවන් වෙඩි තබයි -යුක්‍රේන ජනපති 

ගංවතුරට ලක් වූ ප්‍රදේශවල ජනතාව ගලවාගන්නන්ටත් රුසියානුවන් වෙඩි තබයි -යුක්‍රේන ජනපති 

රුසියානු පාලනය යටතේ පවතින Kherson කලාපයේ  ගංවතුරෙන් හානිවී ඇති ප්‍රදේශවලට ළඟා වීමට උත්සාහ කරන යුක්‍රේන ගලවා ගැනීමේ කණ්ඩායම් වෙත රුසියානු හමුදා වෙඩි තබා ඇති බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රකාශ කරනවා.
කඩා වැටුණු  Nova Kakhovka වේල්ල අවට සහ ජල විදුලි බලාගාරය අවට ගංවතුර පවතින කලාපයේ දහස් ගණන් මිනිසුන් ඉවත් කිරීමට සහනකරුවන් උත්සාහ කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා
“මිනිසුන් සහ සතුන් මැරිලා. ජලයෙන් යටවූ නිවාසවල වහලෙන් මිනිසුන්ට පෙනෙන්නේ දියේ ගිලී මිය ගිය අයගේ සිරුරු පාවෙන ආකාරයයි. ඒ වගේමයි Kherson කලාපයේ ගංවතුරට මුහුණ දී සිටින මිනිසුන් ඉවත් කිරීම ඉතා අපහසුයි” යනුවෙන්ද යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා
වැඩිදුරටත් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ “අපේ හමුදා නිවැසියන් පිටතට ගෙන යාමට උත්සාහ කරන විට, රුසියානුවන් දුර සිට ඔවුන්ට වෙඩි තබා තිබෙනවා ” යනුවෙනුයි
ජර්මානු ටැබ්ලොයිඩ් පුවත්පතක් වන Bild සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී යුක්‍රේන ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

 

Share This