ගංවතුරෙන් බැට කෑ පාකිස්ථානුවන්ට තවත් අර්බුද රැසක්

ගංවතුරෙන් බැට කෑ පාකිස්ථානුවන්ට තවත් අර්බුද රැසක්

දරුණු ගංවතුර තත්ත්වයයෙන් බැට කෑ පාකිස්ථානු වැසියන් මේ වනවිට මානුෂීය ගැටලු රැසකට මුහුන පා සිටින බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ උන්හිටි තැන් අහිමි වී සිටින ඔවුන් හට අවශ්‍ය පහසුකම් සැපයීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.

බලධාරීන් විසින් සහන සලසන බව මාධ්‍ය හරහා ප්‍රචාරය වුවත් ගංවතුර හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වූ ප්‍රදේශවල බොහෝ පිරිසක් මානුෂීය ගැටලු රැසකට මුහුන පාමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කළා.

ගංවතුර හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වූ shadatkot ප්‍රදේශයේ අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සංචාරය කරන අයුරු, අධාර ලබා දෙන අයුරු සහ විපතට පත් පුද්ගලයින් සමග ඡායාරූප සදහා පෙනි සිටින අයුරු ද මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.

එහෙත් අදාළ ප්‍රදේශය තුළ සිවිල් වැසියන් බොහෝදෙනෙකු හිසට සෙවනක් හෝ නොමැතිව සිටින බවයි මාධ්‍ය වාර්තා කළේ.

ජල ගැලීම්වලට හේතුව මාස කිහිපයක සිට ඇද හැලුනු මෝසම් වැසි බවට බලධාරීන් චෝදනා කළ ද ඔවුන්ගේ අක්‍රමිකතා හා පරිපාලනයේ පවතින දුර්වලතා මෙවැනි විපතකට හේතු වී ඇතැයි ජනතාව චෝදනා කරනවා.

Share This