ගංවතුරේ විනෝද වූ පාසල් සිසුවෙක් මරුට

ගංවතුරේ විනෝද වූ පාසල් සිසුවෙක් මරුට

බද්දේගම ඇටවරමුල්ල ප්‍රදේශයේ දී ගිං ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර මත ටියුබයක ආධාරයෙන් මිතුරන් සමග විනෝද වෙමින් සිටිය දී ටියුබය පෙරළී දියේ ගිලීමෙන් සිසුවෙකු මිය ගොස් තිබෙනවා

පොලිසිය පැවසුවේ පිරිමි දරුවෙකු දියේ ගිලී ඇති බවට බද්දේගම පොලීසියට ලද පණිවුඩයක් මත පොලිස් නිලධාරීන්, ජීවිතාරක්ෂක නිලධාරීන් හා නාවික හමුදා භට පිරිස් එක්ව අනතුරට පත් දරුවා ගොඩට ගෙන බද්දේගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි

එලෙස මියගොස් ඇත්තේල අවුරුදු 17ක් වූ ගනේගම බටහිර, බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

Share This