ගංවතුර වියදම් පියවා ගැනීමේ බද්දකුත් සමග පාකිස්ථානය අයිඑම්එෆ් වෙතට !

ගංවතුර වියදම් පියවා ගැනීමේ බද්දකුත් සමග පාකිස්ථානය අයිඑම්එෆ් වෙතට !

මෑතකදී හටගත් දරුණු ගංවතුර තත්වය තුළ ගලවාගැනීම් සහ සහන සඳහා වූ වියදම් රුපියල් බිලියන 340 ක් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) වෙත දන්වා ඇති පාකිස්ථානය , 2022-23 මූල්‍ය වර්ෂයේ අයවැය හිඟය පියවා ගැනීම සදහා එම මුදල ලබා ගැනීමට අපේක්ෂා කරනවා.

මේ අතර බදු එකතු කිරීමේ ඉලක්කය ඉහළ නැංවීම සඳහා, වත්මන් මූල්‍ය වර්ෂයේදී ගංවතුර සහන සඳහා වූ වියදම් සපුරා ගැනීමට බද්දක් අය කිරීමට එරට රජය සලකා බලමින් සිටින බවත් එහි නිශ්චිත ක්‍රමවේද අවසන් කිරීම සඳහා විවිධ යෝජනා සලකා බලමින් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

දේශපාලන නායකත්වය අතිරේක බදු ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇතත්, ඉහළ උද්ධමනය සහ අඩු වර්ධන ගමන් මග මධ්‍යයේ සාමාන්‍ය ජනතාවට අමතර බරක් නොවන පරිදි ඒවා අනුගමනය කිරීම ගැටලුවක් වී ඇති බවයි පැවසෙන්නේ.

එහිදී මෑත වසරවල වැඩි වශයෙන් ආදායම් උපයා ඇති ඉහළ ආදායම්ලාභීන් සඳහා ගංවතුර බද්ද පැනවීමට වැඩි අවධානයක් යොමුව ඇති බව ද සඳහන්.

පාකිස්ථානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අඛණ්ඩව සාකච්ඡා පැවැත්වුවද බදු එකතු කිරීමේ ඉලක්ක ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර පුලුල් එකගතාවයක් ඇතිව නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

 

 

 

Share This