ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියන්මාරයට දැඩි බලපෑම්

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියන්මාරයට දැඩි බලපෑම්

මියන්මාරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරටට බලපා ඇති යාගි සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 220 කට වඩා ඉහළ ගොස් ඇති අතර තවත් 80 කට ආසන්න පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බව හමුදා රජය නිවේදනය කළ බව සඳහන්.

මේ මස මුලදී උතුරු වියට්නාමය, ලාඕසය, තායිලන්තය සහ මියන්මාරය හරහා මෙම යාගි සුළි කුණාටුව හමා ගිය අතර මේ වන විට කලාපය පුරා පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව නිල සංඛ්‍යාලේඛනවලට අනුව වාර්තා වනවා.

Share This