ගංවතුර හේතුවෙන් මධ්‍යම යුරෝපයේ මියගිය සංඛ්‍යාව ඉහළට

ගංවතුර හේතුවෙන් මධ්‍යම යුරෝපයේ මියගිය සංඛ්‍යාව ඉහළට

සති අන්තයේ මධ්‍යම යුරෝපයට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර චෙක් ජනරජය, පෝලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවල වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා

චෙක් ජනරජයේ, රටේ ඊසාන දෙසින් පිහිටි බ්‍රන්ටල් නගරයට ආසන්නව ඇළක ගිලී එක් පුද්ගලයෙකු මිය ගිය අතර, පුද්ගලයින් හත් දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ

පෝලන්තයේ පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති අතර ඔස්ට්‍රියාවේ, රටේ ඊසානදිග ප්‍රදේශයේ 70 සහ 80 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා

පෝලන්තයේ, රුමේනියාවේ සහ ඔස්ට්‍රියාවේ සති අන්තයේ මරණ අටක් වාර්තා වූ අතර ගංවතුර ගලවා ගැනීමේ මෙහෙයුමකදී ගිනි නිවන භටයෙකු මිය ගියා

Share This