ගං වතුර පාලනය සඳහා තිරසර විසඳුමක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

ගං වතුර පාලනය සඳහා තිරසර විසඳුමක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (14) පැවති සාකච්ඡාවේදීයි

එමෙන්ම සහන ලබා දීම සඳහා අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා

මෙම වසරේදී ගංවතුර තත්ත්වය අවස්ථා දෙකකදී ඇති වූ බවත් ඒ අනුව නිරන්තරයෙන් ඇතිවන ගං වතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්නා ලෙසත් , ඉන් පසුව දේපළ හානි පූර්ණය සඳහා කටයුතු කරන ලෙසත්, ජනාධිපතිවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මේ වන විටත් අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලෙසද ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන්නා

Share This