ගජමුතු විකිණීමේ හොරය ඇල්ලූ හැටි

ගජමුතු විකිණීමේ හොරය ඇල්ලූ හැටි

මීගමුව නගරයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ගජමුතු 05 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලකට ගජමුතු විකිණීමට සූදානම්ව සිටි බවයි මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සඳහන් කර සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වූ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මීගමුව පොලීසිය සිදුකරන බව සඳහන්.

Share This