
ගණේමුල්ල සංජීවට වෙඩිතැබූ වෙඩික්කරු හදුනාගන්න බැරිවෙලා
අධිකරණ ශාලාවට නීතිඥයෙකු ලෙස සැරසී පැමිණ ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෙඩික්කරු යැයි කියන සමිදු දිල්ශාන් පියුමංග නැමති සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී හදුනා ගැනීමට සාක්ෂිකරුවන් අපොහොසත්වී තිබෙනවා.
සිද්ධිය ඇසින් දුටු බව කියන දෙදෙනෙකුයි මෙලෙස හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට යොදවා තිබුණේ.
ගණේමුල්ල සංජීව ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ශාන් පියුමංග නැමති සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළා.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේ දැඩි ආරක්ෂක රැකවල් මැදයි.
එහිදී හඳුනා ගැනීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අතර ඔවුන් විසින් සැකකරු හඳුනා නොගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරුව සැකකරු දැඩි ආරක්ෂක රැකවල් මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කර තිබුණා.
එහිදී සැකකරු මේ මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබුණා.