ගබ්සා කිරීමේ අයිතිය ප්‍රංශයේ ව්‍යවස්ථාවට එක්කරයි

ගබ්සා කිරීමේ අයිතිය ප්‍රංශයේ ව්‍යවස්ථාවට එක්කරයි

ගබ්සා කිරීමේ අයිතිය සිය ව්‍යවස්ථාවට ඇතුළත් කළ ලොව පළමු රට බවට ප්‍රංශය පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගබ්සා කිරීම සඳහා කාන්තාවන්ගේ නිදහස තහවුරු කිරීම සඳහා 1958දී රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඡන්දය ලබාදුන් බව සඳහන්.

ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් බවට පත් කිරීමට ලබාදුන් ඡන්දයේදී 780ක් ඊට පක්ෂව සහ 72ක් ඊට විපක්ෂව ඡන්දය ලැබී තිබෙනවා.

ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන විට වර්සායිල්ස් හි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් නැගී සිටිමින් ඊට ප්‍රතිචාර දැක්වූ බවයි වාර්තා වන්නේ.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සඳහන් කරන්නේ ගබ්සා කිරීමේ අයිතිය සිය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සම්මත කර ගැනීම මගින් ගෝලීය වශයෙන් පණිවිඩයක් ලබා දීමට හැකිවූ අතර එමගින් ප්‍රංශයට අභිමානයක් එක් වී ඇති බවයි.

කෙසේ වෙතත් ගබ්සාවට එරෙහි කණ්ඩායම් මෙන්ම කතෝලික ප්‍රජාවගේ මූලස්ථානය වන වතිකානුව මෙය දැඩි ලෙස විවේචනයට ලක්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This