ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් සඳහා ක්‍රිකට් උපකරණ ලබාදීම සිදුකරයි (VEDIO)

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් සඳහා ක්‍රිකට් උපකරණ ලබාදීම සිදුකරයි (VEDIO)

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්‍රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, සාගල රත්නායක මහතාගේ පූර්ණ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක Youth Vision 2048 සංවිධානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බව සඳහන්.

මෙහිදී අදහස් දක්වමින් සාගල රත්නායක මහතා සඳහන් කර සිටියේ ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩකයින් බිහි කිරීමට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වැදගත් බවයි.

එසේම රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි නඟාසිටුවීමට ජනාධිපතිවරයා ඉකුත් දෙවසර තුළ කැපවී කටයුතු කළ බවත්, එම ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කර දූෂණයෙන් තොර ක්‍රමවත් ආර්ථික රාමුවක් තුළ රටේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනැඟීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර අනාගත පරපුරේ ක්‍රීඩා කෞෂල්‍ය ඔප් නැංවීම වෙනුවෙන් දායක වූ සියලු දෙනාට ඒ මහතා සිය ප්‍රශංසාව පළ කර සිටි බව සඳහන්.

Share This