ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නළයේ පිරිසිදු කිරීමේ සහ විශබීජහරණය කිරීමේ කටයතු හේතුවෙන් ලබන 09 වැනි දා පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා

ඒ අනුව රණ්පොකුණගම, බටලීය, අත්තනගල්ල , පස්යාල , නිට්ටඹුව යන කලාපවල ජල සැපයුම අත්හිටුවීමට සිදුවනු ඇති බව සඳහන්

එමෙන්ම නිට්ටඹුව කන්දහේන, මාපලගොල්ල , කෝංගස්හන්දිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත , ගොරකදෙණිය , රණ්පොකුණගම , රණ්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය , බටලීය , අත්තනග්ලල , පස්යාල, ඌරාපොළ, දික්කන්ද, මීවිටිගම්මන , මාඉඹුල , මාතලාන , හග්ගල්ල , අලවල, කලල්පිටිය සහ ඇල්ලමුල්ල ප්‍ර දේශවලට මෙලෙස ජල සැපයුම විසන්ධි කෙරෙනවා

Share This