
“ගම්පහ බබා” ගේ තොරතුරකට ටී56 උන්ඩ 50 ක් කෙරවලපිටියෙන් සොයාගනී
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ගම්පහ බබා’ නැමති සැකකරුගෙන් අනාවරණ කර ගත් තොරතුරකට අනුව ටී 56 උණ්ඩ 50 ක් සොයා ගෙන තිබෙනවා.
එම උණ්ඩ සොයාගෙන ඇත්තේ, මහබාගේ පොලිස් වසමේ කෙළවරපිටිය අධිවේගී ප්‍රවේශ ස්ථානයේ කොන්ක්‍රීට් කණුවක් අසල සඟවා තිබීයදීයි.
මෙම උණ්ඩ තොගය වැඩිදුර පරික්ෂණ සඳහා පෑලියගොඩ පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බව පොලීසිය පැවසුවා.