ගම්බිම් බලායන ජනතාවට විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙලක් (VIDEO)

ගම්බිම් බලායන ජනතාවට විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙලක් (VIDEO)

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න මහතා පවසනවා

ඔහු මේ බව කියා සිටියේ ස්වර්ණවාහිනී මුල්පිටුව සමඟ අදහස් දක්වමින්

එමෙන්ම මගී අවශ්‍යතාවය පරිදි අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කරන බවද ඔහු එහිදී කියා සිටියා

මේ අතර ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාව අද (11) සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා

Share This