ගමෙන් අලි පන්නන වැඩේ ඊයේ සිට මහඉලුප්පල්ලමෙන් අරඹයි

ගමෙන් අලි පන්නන වැඩේ ඊයේ සිට මහඉලුප්පල්ලමෙන් අරඹයි

මහඉලුප්පල්ලම නගරය අවට පිහිටි ගම්මාන රැසකට පසුගිය දින කීපය පුරාම වන අලින් පැමිණ එම ගම්මානයන්හී වගාවන් විශාල ලෙස හානි කර තිබූණා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේ දෛනිකව වන අලි ගම්වැදීම සිදුවීමට විසඳුමක් ලෙස වන අලි ගම්මානයෙන් එළවා රක්ෂිතයට ඇතුළු කර අලි වැට සක්‍රීය කිරීමේ මෙහෙයුමක් ඊයේ (02) ආරම්භ කෙරුණා.

එම ප්‍රදේශයේ ජන ජීවත හා දේපළ ආරක්ෂා කර ගැනීමට හා වන අලින්ගේ ආරක්ෂා කිරීම මෙම මෙහෙයුමේ අරමුණයි.

වන අලි ප්‍රහාරවලින් මීට පෙර අවස්ථා කීපයකදී ජීවත හානී කිපයක්ද සිදු කර තිබුණා.

පසුගිය දින වල උදෑසන ප්‍රධාන මාර්ගය හරහා වන අලින් ගමන් කිරීම නිසා පාසල් දරුවන් ඇතුළු කීපදෙනෙකු ද වන අලි ප්‍රහාරයන්ට ගොදුරු වීමට ගොස් දිවි බේරා ගෙන තිබුණේ අසීරුවෙන්.

ඒ සියලු කරුණු සැලකිල්ලට ගෙන වන අලින්ගේ ජීවිත මෙන්ම මිනිස් ජීවිතද සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම වන අලින් ගම්මානය අවට පිහිටි කැලෑ කොටසින් පන්නා දමා, රජයේ රක්ෂිතයට ඇතුළු කර අලි වැට සක්‍රීය කර නැවත ගම්වැදීමට ඉඩ නොදීමට ගම්වාසීන් ඇතුළු අදාළ ආයතන පසුගියදා තීරණයකට එළඹ තිබුණා.

එම මෙහෙයුම ඊයේ (02) පස්වරුවේ ආරම්භ කළේ ඒ අනුවයි.

ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුවේ ගනේවල්පොළ හා තලාව නිළධාරීන්, ඉපලෝගම ප්‍රාදේශීය සභාව, මහඉලුප්පල්ලම බීජ පර්යේෂණ ආයතනය, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉපලෝගම පොලීසිය ඇතුළු රාජ්‍යය ආයතන කීපයක් මෙන්ම ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව වන අලි රංචුව පන්නා දැමීමේ මෙහෙයුම ආරම්භ කළා.

ඩ්‍රෝන යානා යොදා ගනිමින් වන අලින් සිටින ස්ථාන නිරීක්ෂණය කරමින් අලි වෙඩි යෙදා ගෙන වන අලිින් පළවා හැරීම සිදු කරනු ලැබූවා.

කිලෝ මීටර 10 -15 ක් දුරට වන අලින් රැගෙන ගොස් ඊයේ (02) දිනට මෙහෙයුම නතර කළ අතර, අද (03) නැවත එම ස්ථානයේ සිට වන අලි පළවා හැරීමේ මෙහෙයුම ආරම්භ කිරීමට නියමිතයි.

 

Share This