ගමේ ආර්ථිකය හදන්න ප්‍රජා ශක්ති එයි (VIDEO)

ගමේ ආර්ථිකය හදන්න ප්‍රජා ශක්ති එයි (VIDEO)

ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදාකර දෙමින් ඔවුන් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්කර ගතයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා අද පස්වරුවේ මේ අදහස් පළ කළා.

‘පොහොසත් රටක් – සුරක්ෂිත ජීවිතයක්’ ගොඩනැගීම සඳහා රජයේ ප්‍රධානතම සංවර්ධන වැඩසටහන වන ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය දියත් කිරීමේ සමාරම්භක උත්සවය පැවැත් වුණේ අරලියගහමන්දිරයේදීයි.

ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයේ නිල වෙබ් අඩවියද මෙහිදී එළිදැක්වූවා.

Share This