
ගල්කිස්සේ “ස්පා” දෙකක් වටලා පිරිමියකු ඇතුලු කාන්තාවන් 5 ක් අල්ලයි
සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා සැකපිට පුද්ගලයකු සහා කාන්තාවන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ රත්මලාන සග ගල්කිස්ස හන්දිය ප්‍රදේශවල ඊයේ රාත්‍රී (28) ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණඩායමක් සිදුකළ වැටලීම් දෙකකදී මෙම අත් අඩංගුවට ගැනීම් සිදුකළ බවයි.
සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙක වටලා එහි කළමනාකාරවරියක් සහ කළමනාකරුවකු ඇතුළු ගණිකා සේවය සඳහා රැඳීසිටි කාන්තාවන් සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 46 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සැකකාරියන් වයස අවුරුදු 30, 34, 41, 46 හා 51 යන වයස්වල පසුවන අම්පාර, වැලිඔය, මැදිරිගිරිය හා රත්මලාන යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලීසිය සඳහන් කළා.
