
ගල්කිස්ස මුහුදේ ගිලී සිසුවෙකු අතුරුදන්
ගල්කිස්ස වෙරළ තීරයේ දියනාමින් සිටි පිරිසක් අතරින් 17 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
ඊයේ (30) සවස මොවුන් ගල්කිස්ස වෙරළ තීරයේ දියනාමින් සිට ඇති අතර ඉන් තිදෙනෙකු දියවැලකට හසු වී ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම අවස්ථාවේ දී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නාවික හමුදා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් දෙදෙනෙකු බේරාගෙන තිබෙනවා.
කෙසේවෙතත් එක් අයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති අතර ඔහු ගල්කිස්ස, අබේසේකර මාවත ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.
අතුරුදන් වු සිසුවා සොයා මේ වන විට මෙහෙයුමක් දියත් කර තිබෙනවා.