
ගල්ගමුවේ කාවන්තිස්ස ඇතුගේ ජීවිතය අනතුරේ බවට ඉගි
අලි ඇතුන් වෙනුවෙන් රටේ විශාල අවධානයක් යොමුවී ඇති පසුබිමක රට තුළ ඉතිරිව ඇති දළ ඇතුන් අතරින් මුල් තැනේ සිටින කාවන්තිස්ස ඇතු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන වාර්තා වනවා.
මෙරට සිටින අලි ඇතුන් ගහණය දැන් පවතින්නේ ඉතා අඩුමට්ටමකයි.
ආසන්නත සිදුවීම ලෙස භාතියට අත්වූ ඉරණම මේ වසරේ පමණක් නොව 2024 වසරේ දීඝදන්ත ඇතුට සහ කෝලියටත්, 2023 වසරේ දනුද්ධරට මෙන්ම තේක්ක රාජාට සහ මහේශාක්‍යටත්, 2022 වසරේ භරණට 2021 වසරේ රේවතටත් ඛේදජනක ඉරණම් වලට මුහුණ දෙන්නනට සිදුවුණා.
ඊට අමතරව සියඹලන්ගමුවේ මහ ඇතා, මුගලන්, මිස්සක මිනිස්සුට සංවේදීම වූ ගල්ගමුවේ දළ පූට්ටුවාට අකාලයේ සිය ජීවිත පුදකරන්නට සිදුවීම ඊට කදිම නිදසුන්.
දැනට ඉතිරිව සිටින ප්‍රකට හස්තීන් අතර උසින් වැඩිම හස්තියා වන ගල්ගමුව නිජබිම් කර ගත් කාවන්තිස්ස ගැන බොහෝ දෙනාගේ අවදානයට ලක්ව තිබෙනවා.
දැන් ජීවිත තර්ජන එල්ලවී ඇත්තේ එම ඇතුටයි.