ග්‍රාමීය ප්‍රදේශවල බයිසිකල් ප්‍රවර්ධනය සඳහා ඩොලර් මිලියන 249ක්

ග්‍රාමීය ප්‍රදේශවල බයිසිකල් ප්‍රවර්ධනය සඳහා ඩොලර් මිලියන 249ක්

ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහන කටයුතු සඳහා පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට ලබා දෙන රාජ්‍ය සහාය ඉහළ නැංවීමට ලබන වසරේදී කටයුතු කරන බව ප්‍රංශ රජය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ පුරවැසියන්ගේ සෞඛ්‍යය තත්ත්වය වැඩි දියුණු කිරීම සහ බලශක්ති සංක්‍රාන්තිය සඳහා යොමු වීම මූලික කර ගනිමින්.

ප්‍රංශ අගමැති එලිසබෙත් බෝර්න් ප්‍රකාශ කර ඇත්තේ ඩොලර් මිලියන 249ක් පාපැදි යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳහා යොමු කරන බවයි.

“පසුගිය වසරවලදී නගරවල පාපැදි පැදීම සැබවින්ම ආරම්භ වී ඇති අතර, ඉදිරි වසර සඳහා අභියෝගය වනු ඇත්තේ ග්‍රාමීය ප්‍රදේශවලද පාපැදිය, ප්‍රවාහන මාධ්‍යයක් විය හැකි බව පෙන්වීම” බවයි ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

නව පාපැදි මංතීරු කිලෝමීටර් 14,000ක් සහ පාපැදි මිලදී ගැනීම සහ සවි කිරීම සඳහා සහනාධාර ලබා දීම නිසා ඒවා වැඩිපුරම අලෙවි වන ප්‍රවාහන මාධ්‍ය බවට පත්ව ඇති බවත් 2021 දී පාපැදි මිලියන 2.7ක් අලෙවි වූ බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර තිබෙනවා.

Share This