ග්‍රීසියේ බෝට්ටු අනතුර සම්බන්ධයෙන් ඊජිප්තු ජාතිකයින් 9ක් අධිකරණයට

ග්‍රීසියේ බෝට්ටු අනතුර සම්බන්ධයෙන් ඊජිප්තු ජාතිකයින් 9ක් අධිකරණයට

දකුණු ග්‍රීසියට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුවූ සංක්‍රමණික යාත්‍රා අනතුර සම්බන්ධයෙන් ඊජිප්තු ජාතිකයන් නව දෙනෙකු ග්‍රීසියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම ව්‍යසනයෙන් පුද්ගලයන් හැත්තෑ අට දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු වී ඇති නමුත් පාකිස්ථාන සෙනෙට් සභාවේ සභාපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ පාකිස්ථානු ජාතිකයින් 300 දෙනෙකු මිය ගොස් ඇති බවයි

සැකකරුවන් 9 දෙනාට මිනිස් ජාවාරම් සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔවුන් යාත්‍රාව මෙහෙයවීම, එයට අණ දීම සහ ග්‍රීක වෙරළාරක්ෂක භටයින් සමග සන්නිවේදනය සිදු කිරීම කළ බව දිවි ගලවා ගත් අය පැවසීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This