ග්‍රීසිය සමලිංගික විවාහ නීතිගත කරයි

ග්‍රීසිය සමලිංගික විවාහ නීතිගත කරයි

සමලිංගික විවාහ නීතිගත කළ ගිනිකොනදිග යුරෝපයේ පළමු රට බවට ග්‍රීසිය පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ(15) එරට පාර්ලිමේන්තුවේ 176 – 76 ඡන්දයෙන් පසු සමලිංගික යුවලවලට දරුවන් හදා ගැනීමට නීත්‍යානුකූලව අවසරය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

අගමැති Kyriakos Mitsotakis පැවසුවේ නව නීතිය මගින් අසමානතාව තුරන් වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම නව පනතත් සමග ඊට පක්ෂව හා විපක්ෂ ලෙසින් රට දෙකඩ වී තිබෙනවා.

බොහෝ දෙනෙක් අගනුවර Syntagma චතුරශ්‍රයේ බැනර් ප්‍රදර්ශනය කරමින් ඊට එරෙහිව විරෝධතාවේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මන්ත්‍රීවරුන් 300කින් සමන්විත පාර්ලිමේන්තුව තුළ පනත සම්මත කර ගැනීමට මෙම සරල බහුතරයක් අවශ්‍ය වී තිබුණා.

පනත සම්මත වීමත් සමග ග්‍රීසියේ LGBTQ සංවිධානය ඔවුන්ගේ ස්තූතිය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This