
ගාලු කුමාරි පීලි ගත කර අවසන්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමට ලක්වූ ගාලු කුමාරි සීඝ්රගාමී දුම්රිය පීලි ගත කර අවසන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ගාලුකුමාරී දුම්රිය පීලි පැනීමට ලක්ව තිබුණේ ඊයේ පස්වරුවේ දී යී.
දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව ඇති අතර එහි ප්රතිසංස්කරණ කටයුතු ද මේ වනවිට සිදුවෙමින් පවතින බවයි අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.