ගාසා තීරයට දිනකට ඉන්ධන ට්‍රක් රථ දෙකකට ඇතුළු වීමට අවසර

ගාසා තීරයට දිනකට ඉන්ධන ට්‍රක් රථ දෙකකට ඇතුළු වීමට අවසර

අමෙරිකාව විසින් සිදු කරන ලද බලපෑම් මත දිනකට ඉන්ධන ට්‍රක් රථ දෙකකට ගාසා තීරයට ඇතුළු වීමට අවසර දෙන බව ඊශ්‍රායලය ප්‍රකාශ කරනවා.

අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු පවසන්නේ සෑම දින දෙකකට වරක් ඉන්ධන ලීටර් 140,000 කට පමණ අවසර දෙන බවයි.

ඒවායින් බොහොමයක් ආධාර බෙදා හරින ට්‍රක් රථ සඳහා මෙන්ම ජලය සහ සනීපාරක්ෂාව සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහාය වීම සඳහා අදහස් කරන බවයි එම නිලධාරියා සඳහන් කරන්නේ.

ඉතිරිය ඉන්ධන නොමැතිකම හේතුවෙන් ඇනහිට තිබූ ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවා සඳහායි.

සිකුරාදා, ගාසාහි සන්නිවේදන සමාගම පැවසුවේ පලස්තීන සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය වන Unrwa හරහා ඉන්ධන ලැබීමෙන් පසු එහි සේවාවන් නැවත ක්‍රියාත්මක කරන බවයි.

මෙම ඉන්ධන ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකාව ඊශ්‍රායලයට සැළකිය යුතු බලපෑමක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This