
ගාසා තීරයට මානුෂීය ආධාර ගෙනයාම ඊශ්‍රායලය අවහිර කරයි
අමෙරිකානු සටන් විරාම සැලැස්මට හමාස් සංවිධානය එකඟ වන ලෙස ඉල්ලා සිටීම හේතුවෙන් ඊශ්‍රායලය ගාසා තීරයට සියලු මානුෂීය ආධාර රැගෙනයාම අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
ඊජිප්තුව, කටාර් සහ අමෙරිකා එක්සත් ජනපදය මැදිහත් වී කළ සටන් විරාම ගිවිසුමක පළමු අදියර සෙනසුරාදා අවසන් වුණා.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිත ස්ටීව් විට්කොෆ් විසින් යෝජනා කරන ලද තාවකාලික සටන් විරාමය දීර්ඝ කිරීමට හමාස් ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පවසා ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ
සටන් විරාම ගිවිසුම මගින් හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදාව අතර මාස 15 ක සටන් නතර වූ අතර, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් 1,900 ක් පමණ සඳහා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු නිදහස් කිරීමට හැකි වුණා