ගාසා තීරයේදී අල් ජසීරා මාධ්‍යවේදීන් 5 ක් ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඝාතනය වේ

ගාසා තීරයේදී අල් ජසීරා මාධ්‍යවේදීන් 5 ක් ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඝාතනය වේ

ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනස් අල්-ෂරීෆ් සහ මොහොමඩ් ක්‍රෙයිකේ යන වාර්තාකරුවන් මෙන්ම කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම් සහර්, මොහොමඩ් නෞෆාල් සහ මෝමන් අලිවා ද රෝහලේ ප්‍රධාන ගේට්ටුවේ මාධ්‍යවේදීන් සඳහා වූ කූඩාරමක ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ සිටි බව අල් ජසීරා වාර්තා කළා.

ඊයේ සිදු වූ “ඉලක්කගත ඝාතනය” “මාධ්‍ය නිදහසට තවත් පැහැදිලි සහ සැලසුම් සහගත ප්‍රහාරයක්” බව අල් ජසීරා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු, ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) අනාස් අල්-ෂරීෆ් ඉලක්ක කරගත් බව තහවුරු කරමින්, ඔහු “හමාස් හි ත්‍රස්තවාදී අංශයක ප්‍රධානියා ලෙස සේවය කළ අයකු” බවට මාධ්‍ය නිවේදනයක දැක් වුණා.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු – ඉස්ලාමීය සබඳතා පිළිබඳ කවුන්සිලය (CAIR) ඊශ්‍රායලය විසින් අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඝාතනය කිරීම හෙළා දැක තිබෙනවා.

“ඊශ්‍රායලයේ පලස්තීන මාධ්‍යවේදීන් ඉලක්ක කරගත් ඝාතන ව්‍යාපාරය යුද අපරාධයක් ” බවයි CAIR ජාතික විධායක අධ්‍යක්ෂ නිහාඩ් අවාඩ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

2023 ඔක්තෝබර් මාසයේ සිට, ඊශ්‍රායලය ප්‍රහාර වලින් ගාසා තීරයේ මාධ්‍යවේදීන් 200 කට වැඩි පිරිසක් ඝාතනයට ලක් වුණා.

Share This