ගාසා තීරයේ අරමුදල් ඉවත් කිරීම ගැන එක්සත් ජාතීන් අනතුරු අඟවයි

ගාසා තීරයේ අරමුදල් ඉවත් කිරීම ගැන එක්සත් ජාතීන් අනතුරු අඟවයි

ගාසා තීරයේ ප්‍රධාන ආධාර ඒජන්සිය සඳහා අරමුදල් ඉවත් කිරීම මානුෂීය පද්ධතියේ බිඳවැටීමට තුඩු දිය හැකි බවට එක්සත් ජාතීන්ගේ ඉහළ නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා

ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ දී එක්සත් ජාතීන්ගේ කාර්යමණ්ඩලයේ කාර්යභාරය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවල් අරමුදල් සැපයීම පිළිබඳව දන්වා ඇති බව සඳහන්

එම චෝදනා මත එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එහි කාර්ය මණ්ඩලය කිහිප දෙනෙකුද සේවයෙන් ඉවත් කරනු ලැබුවා

පලස්තීන සරණාගතයින් සඳහා වන එහි නියෝජිතායතනය වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය (UNRWA ) පිළිබඳ විමර්ශනයක් සිදුවෙමින් පවතින බවද එහි සඳහන් වනවා

අගමැති Benjamin Netanyahu එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය (UNRWA ) ඔක්තෝබර් 7 එල්ලවූ ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සහභාගී වූ එම ඒජන්සියේ සේවකයින් 13 දෙනෙකු සිටින බව ඊශ්‍රායලය සොයාගෙන ඇති බව පවසා තිබෙනවා

නමුත් UNWRA හි විශාලතම පරිත්‍යාගශීලියා වන එක්සත් ජනපදය පවසා ඇත්තේ ආධාර ඒජන්සිය සිය වැඩ කටයුතු දිගටම කරගෙන යනු දැකීමට අවශ්‍ය බවයි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් පැවසුවේ එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය (UNRWA ) සිදුකරන පරිමාණයෙන් ආහාර සහ ජලය සහ ඖෂධ සැපයීමට හැකි වෙනත් මානුෂීය ක්‍රීඩකයෙකු ගාසා තීරයේ නොමැති බවයි .

හමාස් සංවිධානය ඔක්තෝබර් 7 වැනිදා එල්ල කළ ප්‍රහාරයෙන් 1300ක් පමණ මිය ගිය අතර 250ක් පමණ ප්‍රාණ ඇපයට ගැනුණා

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව ප්‍රහාරයක් දියත් කළ අතර එතැන් සිට ගාසා තීරයේ 26,700 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ප්‍රදේශයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය (UNRWA ) සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවයි.

එමෙන්ම අරමුදල් නැවත ආරම්භ නොකළහොත් පෙබරවාරි මාසයේන් පසු තම මෙහෙයුම් කටයුතු කරගෙන යාමට ආයතනයට නොහැකි වනු ඇති බව UNRWA ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා

Share This