
ගාසා තීරයේ අවතැන් වූවන්ගේ කූඩාරම් සහිත ප්‍රදේශයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ගාසා තීරයේ අවතැන් වූවන්ගේ කූඩාරම් සහිත ප්‍රදේශයකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ප්‍රදේශයේ හමාස් ත්‍රස්තවාදියෙකුට පහර දුන් බවත් සිද්ධිය සමාලෝචනය කරමින් පවතින බවයි ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළා.
මේ අතර, හමාස් සංවිධානය ඊශ්‍රායලයේ නව සටන් විරාම යෝජනාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ යුද්ධය අවසන් කිරීම සඳහා තමන් සතුව සිටින ප්‍රාණ ඇපකරුවන් 59 දෙනාම නිදහස් කරන ගිවිසුමක් සාකච්ඡා කිරීමට සූදානම් බවයි.
ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු නිදහස් කිරීම සඳහා ඊශ්‍රායලය දින 45 ක සටන් විරාමයක් ඉදිරිපත් කර තිබුණා.