ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බවට වාර්තා

ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බවට වාර්තා

ඔක්තෝබර් 7 වන දින සිදුවූ හමාස් ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 20,000 ක් මිය ගොස් ඇති බව වාර්තා වනවා .

දින හතක සටන් විරාමය හැර ගැටුම ආරම්භයේ සිට දිනකට සාමාන්‍යයෙන් පුද්ගලයන් 300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි ගාසාවේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රාදේශීය හදිසි අවස්ථා අධ්‍යක්ෂ රිචඩ් බ්‍රෙනන් පවසන්නේ මෙම දත්ත සංඛ්‍යා විශ්වාස කළ හැකි බවයි.

ඕනෑම යුද කලාපයක මිය ගිය අය ගණන් කිරීම අභියෝගයක් වන අතර ගාසා තීරයේ විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් යට වළලනු ලැබූ හෝ රෝහල් වෙත ගෙන නොගිය සිරුරු එයට ඇතුළත් නොවන බැවින් මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව එරට වෛද්‍යවරු පවසනවා

Share This