ගාසා තීරයේ ආරක්‍ෂිත කලාපයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ගාසා තීරයේ ආරක්‍ෂිත කලාපයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ගාසා තීරයේ මානුෂීය කලාපයකට ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව හමාස් විසින් මෙහෙයවනු ලබන සිවිල් ආරක්ෂක අධිකාරිය පවසනවා.

ඊශ්‍රායල හමුදාව කියා සිටින්නේ තම ගුවන් යානය හමාස් සටන්කාමීන්ට අයත් ඛාන් යුනිස් හි මෙහෙයුම් මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කළ බවත්, සිවිල් වැසියන්ට හානි කිරීමේ අවදානම අවම කිරීමට තමන් පියවර ගත් බවයි.

කෙසේවෙතත් එහි සිටි වැසියන් සිදුකළ ප්‍රකාශවලින් අනාවරණය වී ඇත්තේ ඛාන් යුනිස් නගරයට බටහිර දෙසින් පිහිටි අල්-මාවාසි හි මානුෂීය කලාපයේ අවතැන් වූ පුද්ගලයින් නවාතැන් ගත් කූඩාරම් ඉලක්ක කර ප්‍රහාර තුනක් එල්ල කළ බවයි.

Share This