ගාසා තීරයේ දිනකට 400කට වඩා වැඩි ප්‍රමාණයකින් ළමුන් මියයමින් හෝ තුවාල ලබමින් සිටිනවා

ගාසා තීරයේ දිනකට 400කට වඩා වැඩි ප්‍රමාණයකින් ළමුන් මියයමින් හෝ තුවාල ලබමින් සිටිනවා

ඊශ්‍රායලය ගාසා තීරය වටලීමේදී දිනකට 400කට වඩා වැඩි ප්‍රමාණයකින් ළමයින් මියයමින් හෝ තුවාල ලබමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය ප්‍රකාශ කරනවා

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය මානුෂීය සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම් යලි අවධාරණය කර තිබෙනවා

ඔක්තෝබර් 7 වැනිදා සිට දින 25ක කාලයක් තුළ දිගටම බෝම්බ හෙලීම නිසා ළමුන් 3,500ක් පමණ මිය ගොස් ඇති අතර ළමුන් 6,800කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වන බවයි යුනිසෙෆ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ

ගාසා තීරයේ ජබාලියා කඳවුරෙන් මියගිය ළමුන්ගේ සංඛ්‍යාව පිළිබඳ ඇස්තමේන්තු තවමත් නොමැති බව එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසනවා

මේ අතර ඊශ්‍රායල හමුදාව කියා සිටියේ කඳවුරේ සිටි හමාස් සටන්කාමීන් කිහිප දෙනෙකු ඉලක්ක කර මරා දැමූ බවත් සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීමට හැකි සෑම දෙයක්ම කරන බවත්ය.

 

Share This