
ගාසා තීරයේ නෙට්සාරිම් කොරිඩෝවෙන් ඊශ්‍රායල හමුදා ඉවත් වෙයි
ගාසා තීරයේ නෙට්සාරිම් කොරිඩෝවෙන් ඊශ්‍රායල හමුදා ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
ඒ අනුවනෙට්සාරිම් කොරිඩෝවෙන් ඉවත් වීම හමාස්-ඊශ්‍රායල සටන් විරාම ගිවිසුමේ කොටසක් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ
පසුගිය ජනවාරි 19 වන දින ඊශ්‍රායල-හමාස් සටන් විරාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 21 දෙනෙකු සහ පලස්තීන සිරකරුවන් 566 දෙනෙකු මේ වන විට නිදහස් කර තිබෙනවා
සති තුනක් ඇතුළත සටන් විරාමයේ පළමු අදියර අවසන් වන විට, ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු සහ සිරකරුවන් 1,900 දෙනෙකු නිදහස් කර ඇති බව අපේක්ෂා කෙරේ. ඊශ්‍රායලය පවසන්නේ 33 දෙනාගෙන් අට දෙනෙකු මිය ගොස් ඇති බවයි.
හමාස් සංවිධානය 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට පහර දුන් විට ප්‍රාණ ඇපකරුවන් 251 දෙනෙකු අල්ලාගෙන 1,200 ක් පමණ මරා දැමූ අතර එය ගාසා යුද්ධය ආරම්භ වුණා
ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලයේ ප්‍රහාරයෙන් අවම වශයෙන් පලස්තීනුවන් 48,189 දෙනෙකු මිය ගොස් තිබෙනවා
එමෙන්ම ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ ගොඩනැගිලිවලින් තුනෙන් දෙකක් පමණ හානි වී හෝ විනාශ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ