ගාසා තීරයේ පුද්ගලයන් 260,000කට වැඩි පිරිසක් අවතැන් -මරණ සංඛ්‍යාව ඉහළට

ගාසා තීරයේ පුද්ගලයන් 260,000කට වැඩි පිරිසක් අවතැන් -මරණ සංඛ්‍යාව ඉහළට

මේ වනවිට ඊශ්‍රායලයේ පවතින යුද ගැටුම් හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,200 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම ගාසා තීරයේ පුද්ගලයින් 900 කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ

පසුගිය සෙනසුරාදා ඊශ්‍රායලයට දියත් කරන ලද හමාස් සංවිධානයේ ප්‍රහාරය සාහසික ක්‍රියාවක් ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබෙනවා

හමාස් සිය සතුරාට පෙර නොවූ විරූ ප්‍රහාරයක් දියත් කර දින හතරකට පමණ පසුත් තවමත් ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට බෝම්බ හෙලීම දිගටම කරගෙන ගොස් ඇති අතර ඉන් ඉහළ පෙළේ හමාස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පුද්ගලයන් 260,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

ඊශ්‍රායලය පවසන්නේ ලෙබනනය සමග තම දේශසීමාව හරහා තවත් වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවත්, සිරියාවෙන් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව එයටද ප්‍රතිචාර දැක්වූ බවයි.

Share This