ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 8,300 ඉක්මවයි

ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 8,300 ඉක්මවයි

ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නිසා ගාසා තීරයේ දී අවම වශයෙන් පුද්ගලයන් 8,306 ක් මිය ගොස් තිබෙන බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා

ඒ අනුව බාලවයස්කරුවන් 3,457ක් මරා දමා ඇති බවයි පැවසෙන්නේ

එම සංඛ්‍යාවට කාන්තාවන් 2,136ක් සහ වයෝවෘද්ධ පුද්ගලයින් 480 ක් ද ඇතුළත් බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වනවා .

විදුලිය හා සැපයුම් හිඟය හේතුවෙන් ගාසා තීරයේ රෝහල් අවදානම් තත්ත්වයක පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙන්නේ .

 

 

Share This