ගාසා තීරයේ රෝහලකට ප්‍රහාර එල්ලවීමෙන් පසු නගර කිහිපයක විරෝධතා

ගාසා තීරයේ රෝහලකට ප්‍රහාර එල්ලවීමෙන් පසු නගර කිහිපයක විරෝධතා

යුද ගැටුම්වලින් තුවාල ලැබූ සිය ගණනක් ප්‍රතිකාර ලබමින් සිටි ගාසා තීරයේ රෝහලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ප්‍රධාන නගර කිහිපයක විරෝධතා මතුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පලස්තීනුවන් බටහිර ඉවුරේ නගර කිහිපයක වීථිවලට එකතුවෙමින් පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස්ට එරෙහිව ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් හඬ නඟා සිටි බවයි පැවසෙන්නේ.

පිරිස විසුරුවා හැරීමට ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා

රෝහල් පිපිරීමෙන් කෝපයට පත් විරෝධතාකරුවන් ලෙබනනයේ Beirut අගනුවර පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයට පිටතින් රැස්ව එහිදී ඔවුන් විශාල ගින්නක් අවුළුවා ඇති බව සඳහන්

තවත් පිරිසක් ප්‍රංශ තානාපති කාර්යාලයට පිටතින් රැස්වී ගොඩනැගිල්ලට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සිටි බව වාර්තා වනවා .

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායම මුස්ලිම්වරුන් සහ අරාබිවරුන්ගෙන් ඉල්ලා සිටියේ කෝපය ප්‍රකාශ කිරීම සඳහා වහාම වීදිවලට සහ චතුරශ්‍රවලට යන ලෙසටයි

ට්‍රිපොලි සහ අනෙකුත් ලිබියානු නගරවල ද සියගණනක් ජනයා පලස්තීන ධජ රැගෙන ගාසාහි ජනතාවට සහාය පළ කරමින් සටන් පාඨ කියමින් රැස්ව සිටි බවයි පැවසෙන්නේ

ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ තානාපති කාර්යාලවලට පිටතින් මෙන්ම තුර්කියේ සහ ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්යාලවලට ද විරෝධතා මතුව තිබෙනවා

හමාස් සටන්කාමී කණ්ඩායම විසින් පාලනය කරනු ලබන පලස්තීන භූමියක් වන ගාසා තීරයේ බලධාරීහු පවසන්නේ රෝහලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 500 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි.

Share This