ගාසා තීරයේ සටන් විරාමවලට කෙරෙන ඉල්ලීම් ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රතික්ෂේප කරයි

ගාසා තීරයේ සටන් විරාමවලට කෙරෙන ඉල්ලීම් ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රතික්ෂේප කරයි

ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා කෙරෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා

එසේ කළහොත් එය හමාස් සංවිධානයට යටත් වීමක් බව පවසමිනුයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ

ටෙල් අවිව්හි දී Netanyahu මෙය යුද්ධය සඳහා කාලයක් බව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී එක්සත් ජාතීන්ගේ ආධාර ආයතන මානුෂීය සටන් විරාමයක් සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම් නැවතත් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

යුනිසෙෆ් සංවිධානය පවසන්නේ ගාසා තීරයේ තත්ත්වය පැයෙන් පැය නරක අතට හැරෙමින් පවතින බවයි

හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගත් ගාසා තීරයේ ඔරි මෙගිඩිෂ් නැමැති සොල්දාදුවෙකු බේරා ගත් බව මීට පෙර ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළා

ඔක්තෝබර් 7දා එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,400ක් මිය ගිය අතර අවම වශයෙන් පුද්ගලයන් 239ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටිනවා

එමෙන්ම ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර බෝම්බ ප්‍රහාරය ආරම්භ වූ දා සිට 8,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .

Share This