ගාසා තීරයේ සමූහ මිනීවලවල් ගැන එක්සත් ජාතීන් කම්පාවෙන්

ගාසා තීරයේ සමූහ මිනීවලවල් ගැන එක්සත් ජාතීන් කම්පාවෙන්

ගාසා තීරයේ නසාර් සහ අල්-ෂිෆා රෝහල් විනාශ කිරීම සහ ඊශ්‍රායල වැටලීම්වලින් පසු එම ස්ථානවල ඇති සමූහ මිනී වලවල් සොයාගැනීමේ වාර්තා පිළිබඳව කම්පනයට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා පවසනවා.

එහි ප්‍රධානී Volker Türk මෙම මරණ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පලස්තීන නිලධාරීන් පවසන්නේ ඔවුන් නසාර්හිදී ප්‍රදේශයේ පුද්ගලයන් 300 කට ආසන්න පිරිසකගේ සිරුරු ගොඩගත් බවයි.

කෙසේ වෙතත් සමූහ මිනී වලවල් වල මිහිදන් කර ඇති පුද්ගලයන් මිය ගිය ආකාරය හෝ ඔවුන් මිහිදන් කළේ කවදාද යන්න පැහැදිලි නොමැති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල හමුදාව කියා සිටියේ තමන් මළ සිරුරු එහි තැන්පත් කළ බවට කරන ප්‍රකාශ පදනම් විරහිත බවයි.

හමාස් සටන්කාමීන් යුද සමයේදී ගාසා තීරයේ රෝහල් ගණනාවක් වැටලූ බව ඊශ්‍රායල හමුදාව පෙන්වා දී ඇති ඇති අතර එය හමාස් සහ වෛද්‍ය නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This