ගාසා නගරයේ අවට ප්‍රදේශයේ සටන් දරුණු අතට

ගාසා නගරයේ අවට ප්‍රදේශයේ සටන් දරුණු අතට

ඊශ්‍රායල හමුදා සහ හමාස් සටන්කාමීන් අතර යුද්ධයේ දරුණුතම සටන් ගාසා නගරයේ අවට ප්‍රදේශයේ සිදු වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එමෙන්ම ගාසා තීරය හරහා ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව සිදුවීම හේතුවෙන් ඊයේ (11) දිනයේදී අවම වශයෙන් පලස්තීනුවන් 26 දෙනෙකු මිය ගොස් ඇති අතර සිවිල් ආරක්ෂක කණ්ඩායම් සුන්බුන්වලින් සිරුරු ගොඩගැනීමට කටයුතු කරන බවද එම වාර්තාවල දැක්වෙනවා

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා සටන් විරාම රාමුවට සහාය දෙන බවට පවසා තිබුණා

කෙසේ වෙතත් හමාස් සංවිධානය එයට පටහැනි ඉල්ලීම් සිදු කර චෝදනා කිරීම හේතුවෙන් හමාස් පරාජය කරන තුරු සටන් නොනවත්වන බවටයි ඊශ්‍රායල අගමැතිවරයා නැවත අවධාරණය කර ඇත්තේ

Share This