ගාසා රෝහලක මරණ 57ක් වාර්තා වෙයි -ඇන්ටනි බ්ලින්කන් සහ ඊශ්‍රායල අගමැති අතර සාකච්ඡා

ගාසා රෝහලක මරණ 57ක් වාර්තා වෙයි -ඇන්ටනි බ්ලින්කන් සහ ඊශ්‍රායල අගමැති අතර සාකච්ඡා

ඉහළම එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුව තිබෙනවා

ඊශ්‍රායල අගමැතිවරයාගේ කණ්ඩායම පැවසුවේ යුද කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සමඟ පුළුල් රැස්වීමක් පසුව පවත්වනු ඇති බවයි.

මේ අතර එක් මධ්‍යම ගාසා රෝහලක පමණක් මරණ 57 ක් වාර්තා වී ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

පසුගිය පැය 24 තුළ ඔවුන් ගුවනින් සහ මුහුදෙන් ගාසා තීරය හරහා හමාස් කඳවුරු ඉලක්ක කළ බවද ඊශ්‍රායලය සඳහන් කර තිබෙනවා

දකුණේ ඛාන් යුනිස්හිදී ත්‍රස්තවාදීන් 40 දෙනෙකු තුරන් කළ බවත් හමාස් සංවිධානය සතු උමං මාර්ග සහ ආයුධ සොයා ගත් බවත් ඊශ්‍රායලය සඳහන් කරනවා

ඊශ්‍රායල ජනාධිපතිවරයා පවසන්නේ සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා ගතහැකි සියලු පියවර ගැනීමේ අවශ්‍යතාවය ඇන්ටනි බ්ලින්කන් හමුවේ ඔහු අවධාරණය කළ බවයි.

Share This