ගාසා සටන් විරාමය ගැන ශ්‍රී ලංකාවෙන් නිවේදනයක්

ගාසා සටන් විරාමය ගැන ශ්‍රී ලංකාවෙන් නිවේදනයක්

ගාසා සටන් විරාමය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රාණ ඇපකරුවන් සහ රැඳවියන් හුවමාරු කර ගැනීමට, අභ්‍යන්තරව අවතැන් වූවන් ගාසා තීරයේ ඔවුන්ගේ වාසස්ථාන වෙත ආපසු යාමට සහ ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර සැපයීමට මඟ පාදන සටන් විරාම ගිවිසුම තිරසාර වනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවයි අදාළ නිවේදනයෙන් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම පලස්තීනයේ සහ එම කලාපයේ ද සාමය ඉතා ඉක්මනින් ස්ථාපිත වනු අපේක්ෂා කරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share This