ගාසා හි ගිලන් රථ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ගාසා හි ගිලන් රථ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර

උතුරේ ගාසා තීරයේ පිහිටි රෝහලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඊශ්‍රායලය විසින් එල්ල කළ එම ප්‍රහාරය හමුවේ තවත් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල හමුදාව පැවසුවේ හමාස් ත්‍රස්ත කණ්ඩායමක් විසින් භාවිත කරන ගිලන් රථ ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කළ බවයි.

එමෙන්ම එම ප්‍රහාරයෙන් හමාස් සටන්කාමීන් මිය ගිය අතර ගිලන් රථවලට සටන්කාමීන් සහ ආයුධ මාරු කළ බව ඊශ්‍රායල හමුදාව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එය ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාරය එල්ල කළ බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත් අදාළ චෝදනා හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ රෝගීන් ඉවත් කරන ගිලන්රථවලට පහර දීමේ වාර්තාවලින් තමා මුළුමනින්ම කම්පනයට පත්වූ අතර රෝගීන්, සෞඛ්‍ය සේවකයින් සහ වෛද්‍ය පහසුකම් ආරක්ෂා කළ යුතු බවයි.

Share This