ගාසා හි ප්‍රධාන රෝහල පිළිබඳව WHO අනතුරු අඟවයි

ගාසා හි ප්‍රධාන රෝහල පිළිබඳව WHO අනතුරු අඟවයි

ගාසා තීරයේ ප්‍රධාන වෛද්‍ය මධ්‍යස්ථානය වන අල්-ෂිෆා රෝහලේ දරුණු සහ භයානක තත්ත්වයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සම්පූර්ණයෙන් විදුලිය ඇණහිටීම, ආහාර සහ ජල හිඟය දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි

රෝහල අවට ප්‍රදේශයේ නිරන්තර වෙඩි තැබීම් සහ බෝම්බ ප්‍රහාර හේතුවෙන් දැනටමත් බරපතල තත්ත්වයන් උග්‍ර කර ඇති බවත් අල්-ෂිෆා රෝහල තවදුරටත් රෝහලක් ලෙස ක්‍රියා නොකරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පවසනවා

එම ස්ථානයේ රැකබලා ගනිමින් සිටින අවදානමට ලක්විය හැකි අලුත උපන් බිළිඳුන් රැසක් වෙනත් රෝහලකට රැගෙන යාමට උදව් කිරීමට සූදානම් බව ඊශ්‍රායල හමුදාව නැවත අවධාරණය කරනවා

මේ අතර අල්-ෂිෆා රෝහලේ ශල්‍යකර්ම ප්‍රධානී වෛද්‍ය මර්වන් අබු සාදා පවසා ඇත්තේ විදුලි බලය නොමැතිකම හේතුවෙන් තුන්වන නොමේරූ අලුත උපන් බිළිඳෙකුද මිය ගිය බවයි.

Share This