ගාසා හි විශාලතම රෝහලෙන් ළදරුන් ඉවත් කිරීමට ඊශ්‍රායල හමුදාවේ සහය

ගාසා හි විශාලතම රෝහලෙන් ළදරුන් ඉවත් කිරීමට ඊශ්‍රායල හමුදාවේ සහය

ගාසා තීරයේ විශාලතම රෝහලෙන් ළදරුවන් ඉවත් කිරීමට සහය ලබාදෙන බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ එම රෝහල් කාර්ය මණ්ඩලය විසින් ළමා රෝග අංශයේ සිටින ළදරුවන් ආරක්ෂිත රෝහලකට ගෙන යාමට උදව් කරන ලෙස සිදු කර ඇති ඉල්ලීමකට අනුවයි

එමෙන්ම රෝහලේ අලුත උපන් බිළිඳුන්ගේ දැඩි සත්කාර ඒකකය ක්‍රියා විරහිත වීම හේතුවෙන් නොමේරූ ළදරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්

අල්-ෂිෆා රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ නොමේරූ ළදරුවන් 37 දෙනෙකුගේ ජීවිත ද දැඩි අවදානමකට ලක්ව ඇති බවයි

Share This