ගාසා හි සටන් විරාමයට සැරසෙන හමාස්

ගාසා හි සටන් විරාමයට සැරසෙන හමාස්

ගාසා හි සටන් විරාම ගිවිසුම සඳහා වන සාකච්ඡා සඳහා සහභාගී වීමට හමාස් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් ඊජිප්තුවේ කයිරෝ නුවරදී සටන් විරාමයට අදාළ මැදිහත්කරුවන් සමග සාකච්ඡා පවත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

සටන් විරාම ගිවිසුමට අදාළ සාකච්ඡා සඳහා සිය කණ්ඩායමක් ද කටාර් රාජ්‍ය වෙත පිටත් කර හැරීමට කටයුතු කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා.

ගාසා තීරයේ යළි සටන් විරාමයක් ප්‍රකාශ කිරීමේදී හමාස් සහ ඊශ්‍රායලය අතර මැදිහත්කරුවන් ලෙස ඊජිප්තුව සහ කටාර් රාජ්‍යයන් කටයුතු කරනු ඇති.

ගාසා තීරයේ පළමු සටන් විරාමය මාර්තු මස 01 වනදායින් අවසන් වුණා.

Share This