ගැටුම් මධ්‍යයේ යුක්‍රේන වාද්‍ය වෘන්දය වසර 20කට පසු එක්සත් රාජධානියට

ගැටුම් මධ්‍යයේ යුක්‍රේන වාද්‍ය වෘන්දය වසර 20කට පසු එක්සත් රාජධානියට

යුක්‍රේනයේ ජාතික සංධ්වනි වාද්‍ය වෘන්දය (NSOU) වසර 20කට පසු පළමු වතාවට ලබන මාසයේ නැවතත් එක්සත් රාජධානියට පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඔවුන්ගේ පළමු රංගනය Bristol Beacon විසින් ඉදිරිපත් කරන ලද Forum in Bath හිදී සිදුවනු ඇති

මෙම සංචාරය රුසියාව සමග පවතින ගැටුම් මධ්‍යයේ යුක්‍රේනයේ සංගීතය සහ සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

යුක්‍රේනයේ ජාතික සංධ්වනි වාද්‍ය වෘන්දයට සහය දැක්වීම සඳහා එක්සත් රාජධානිය වටා ඇති සියලුම ස්ථාන 17කින් ටිකට් අලෙවිය හරහා පවුම් 24,000 ක් රැස් කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා .

“සංස්කෘතික පෙරමුණේ යුද්ධයට එරෙහිව සටන් කිරීමේ” උත්සාහයේ කොටසක් ලෙස NSOU විසින් එහි සංචාරය සඳහා එක්සත් රාජධානිය තෝරාගෙන තිබෙනවා

සංචාරයේ මංගල උත්සවය බාත් සංසදයේදී පැවැත්වෙන බවයි සඳහන් වන්නේ .

ගැටුම අතරතුර එක්සත් රාජධානිය යුක්‍රේනයට දක්වන සහයෝගය ප්‍රදර්ශනය කිරීම සඳහා, ජාතික සංධ්වනි වාද්‍ය වෘන්දයෙහි ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවීමට එහි සංචාරය අතරතුරදී මහජන මන්ත්‍රී මණ්ඩලයටද ආරාධනා කර තිබෙනවා

එමෙන්ම එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය ද වාද්‍ය වෘන්දයේ සාමාජිකයින් 90 දෙනෙකු සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

NSOU හි කළමනාකාර අධ්‍යක්ෂ සහ නිෂ්පාදක ඇලෙක්සැන්ඩර් හෝර්නොස්තායි පවසන්නේ “වසර 22 කට පසු පළමු වතාවට එක්සත් රාජධානියට නැවත පැමිණීමට අවස්ථාවක් ලැබීම ගැන අපි සතුටු වෙනවා එමෙන්ම අපි යුක්‍රේනියානු සංස්කෘතිය ලොව පුරා පිළිගැනීම සඳහා සටන් කරනවා .සෑම අවස්ථාවකදීම අපට දැනෙන පරිදි රඟපාන්නේ අපේ හදවතේ ඇති දේ සංගීතය හරහා ප්‍රකාශ කරන ආකාරයටයි.” යනුවෙනුයි

රට තුළ හෝ ඉන් පිටත ගුවන් ගමන් නොමැතිව, මුළු වාද්‍ය වෘන්දය පැය 20 ක කාලයක් මායිම් දෙකක් හරහා ගමන් කරමින් යුද කලාපය හරහා පෝලන්තයේ වෝර්සෝ වෙත යා යුතු වනවා

සාමාජිකයින් පසුව හීත්‍රෝ වෙත පැමිණ බ්‍රිතාන්‍ය එයාර්වේස් ගුවන් යානයකට ගොඩවනු ඇති

Bristol Beacon හි කලා අධ්‍යක්ෂ Todd Wills සඳහන් කරන්නේ , “මෙම ඓතිහාසික සංචාරය එක්සත් රාජධානියේ ජනතාව ඔවුන්ට සහයෝගය දක්වන බව පෙන්වීමට සහ යුක්‍රේන සංස්කෘතියේ වැදගත්කම හඳුනා ගැනීමට අවස්ථාවක් වන අතර විශාල දේශීය ප්‍රේක්ෂක පිරිසක් ඔවුන්ව පිළිගනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා .” යනුවෙනුයි

Share This