ගැටුම් මධ්‍යයේ වාර්ගික අර්මේනියානුවන් පළා යයි

ගැටුම් මධ්‍යයේ වාර්ගික අර්මේනියානුවන් පළා යයි

Nagorno-Karabakh කලාපය අසර්බයිජානය විසින් අත්පත් කර ගැනීමෙන් පසු වර්ධනය වන වාර්ගික ගැටුම් මධ්‍යයේ අර්මේනියානු සරණාගතයින් එම ප්‍රදේශයෙන් පලා යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වාර්ගික අර්මේනියානුවන් 120,000 ක පමණ බහුතරයක් වෙසෙන Nagorno-Karabakh ප්‍රදේශයෙන් මේ වන විට පුද්ගලයින් 6,500 කට වැඩි පිරිසක් අර්මේනියාවට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

යෙරෙවන් හි රජය සටන් වලින් නිවාස අහිමිවූවන් ඉවත් කිරීමට සැලසුම් කරන බව ප්‍රකාශ කිරීමෙන් පසුව සරණාගතයින් එම ප්‍රදේශයෙන් ඉවත්වීමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

අර්මේනියාවේ අගමැති අනතුරු අඟවා ඇත්තේ කලාපය තුළ වාර්ගික ශුද්ධ කිරීමක් සිදුවෙමින් පවතින බවයි.

වාර්ගික අර්මේනියානුවන්ද සමාන පුරවැසියන් ලෙස නැවත ඒකාබද්ධ කිරීමට අවශ්‍ය බව අසර්බයිජානය පවසා තිබෙනවා

Share This