ගැම්බියාවේ සිදුවූ ළමා මරණ 66ක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය

ගැම්බියාවේ සිදුවූ ළමා මරණ 66ක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය

ගැම්බියා ප්‍රදේශයේ සිදුවූ ළමා මරණ 66ක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය කළ දැනුම්දීමකින් පසු කැස්ස සඳහා ළමුන්ට ලබා දුන් සිරප් 4ක් ගැන පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පවසා ඇත්තේ මෙම සිරප් හතර ලබාදීමෙන් ළමුන්ට උග්‍ර වකුගඩු තුවාල ඇතිවිය හැකි බවත් ළමුන්ගේ මරණ 66ත් සමග මෙහි සම්බන්ධතාවයක් ඇති බවට විශ්වාස කරන බවත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු ඇඟවීමෙන් පසු හර්යානා හි ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද කැස්ස සිරප් හතරක් සම්බන්ධයෙන් එරට රජය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ,ඉන්දියාවේ ඖෂධ පාලක ජනරාල් (DCGI) වෙත දැනුම් දී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

කැස්ස සිරප් හතර නිෂ්පාදනය කළ සමාගම මෙම නිෂ්පාදන අපනයනය කර ඇත්තේ ගැම්බියාවට පමණක් බවත් එම සමාගමට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් සමාගම තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය පිළිබඳව WHO වෙත සහතිකයක් ලබා දී නොමැති බවද වාර්තා වනවා

Share This