ගැම්බියාවේ ළමා මරණවලට සැකකෙරෙන කැස්ස සිරප් නිෂ්පාදන නතර කිරීමට නියෝග

ගැම්බියාවේ ළමා මරණවලට සැකකෙරෙන කැස්ස සිරප් නිෂ්පාදන නතර කිරීමට නියෝග

ගැම්බියාවේ සිදුවූ ළමුන් 66 දෙනෙකුගේ මරණවලට සැකකෙරෙන අදාළ කැස්ස සිරප් නිෂ්පාදනය නතර කරන ලෙස ඉන්දීය සෞඛ්‍ය නිලධාරීන් විසින් එම නිෂ්පාදකයාට නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඉන්දියාවේ සහ ගැම්බියාවේ මේ සඳහා පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ගැම්බියාවේ ළමුන් 66 ක සංඛ්‍යාවක් මියයාම සම්බන්ධයෙන් කැස්ස සිරප් හතරක් පිළිබඳව ගෝලීය අනතුරු ඇඟවීමක් මිට පෙර නිකුත් කරනු ලැබුවා

පරීක්ෂණ සිදුකරන නියාමකයින් පවසා තිබෙන්නේ නවදිල්ලිය පදනම් කරගත් මෙම සමාගම ආරක්ෂිත නීති ගණනාවක් කඩ කර ඇති බව සොයා ගැනීමෙන් පසු එහි සියලුම නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති බවයි.

නිෂ්පාදනය කරන ඖෂධයේ ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාවයට ඇති විය හැකි අවදානම සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම අත්හිටුවීම සිදුකර තිබෙනවා

පසුගිය සතියේ මෙම සමාගම ප්‍රකාශ කර තිබෙන්නේ “මරණ සම්බන්ධයෙන් වූ මාධ්‍ය වාර්තා ඇසීමෙන් ඔවුන් කම්පනයට පත් වූ අතර මෙම සිද්ධියෙන් දැඩි ශෝකයට පත් වූ බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද ගැම්බියාවට අමතරව මෙම නිෂ්පාදන අවිධිමත් වෙළඳපල හරහා වෙනත් රටවලට සහ කලාපවලට බෙදා හැරිය හැකි බවටද අනතුරු ඇඟවූවා

ගැම්බියාවේ පොලිසිය ළමුන්ගේ මරණ පිළිබඳව විමර්ශන සිදු කරනු ලබන අතර එරට පොලිසිය සඳහන් කර තිබෙන්නේ එක්සත් ජනපදය පදනම් කරගත් සමාගමක් විසින් බටහිර අප්‍රිකානු රටවලට මෙම කැස්ස සිරප් ආනයනය කර ඇති බවයි.

Share This